Month: February 2025

බස් රථයක් ගිනි ගැනීමට ලක්ව පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ඊයේ (21) ගිනි ගැනීමට ලක්වී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලාවක් ආසන්නයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තිරුක්කෝවිල් සංගමන්කන්ද, කරදියකුලම් වැව ආශ්‍රිත ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කෝමාරිප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…

රුසියා – යුක්‍රේන යුද්ධය ගැන සාකච්ඡා

රුසියා – යුක්‍රේන යුද්ධය සමථයකට පත්කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි ප්‍රංශයේ…

Masters League 2025 තරගාවලිය අදින් ඇරඹෙයි

ලොව පුරා සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි වන International Masters League 2025 ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි පළමු තරගය ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෙන්නප්පුව නගරයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 830ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළේ පොදු වැසිකිළිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන නානුඔය…

ප්‍රදේශ කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිරප්පන්මඩුව ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

හෙට උණුසුම් කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්

හෙට (22) දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (14) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.77ක් ලෙස සටහන් වුණා. එහි…