Month: April 2025

චාමර සම්පත් යළි රිමාන්ඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මැයි මස 5වනදා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් අද (21) ලබාදුන් නියෝගය මතයි.…

හිටපු ජනපති මෛත්‍රීපාල CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහායී. (rednewsalert.lk)

සෙලෙන්ස්කි රුසියානු ජනපතිගෙන් සටන් විරාමයක් ඉල්ලයි

රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ආක්‍රමණ නතර කරමින් ප්‍රකාශයට පත් කළ පැය 30ක පාස්කු සටන් විරාමය කඩ කළ බව යුක්‍රේනය චෝදනා කරනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සේලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය ආරම්භයේ…

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබී තිබෙනවා. අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් කළේ එය…

පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6ක්

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6ක් සපිරෙනවා. ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් වූ පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසක දේව මෙහෙයන් සංවිධාන කර තිබෙන අතර ප්‍රධාන…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම, සබරගමුව…

වසරේ මේ දක්වා කාලය තුළ රුපියල 2%කින් අවප්‍රමාණය වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2%කින් අවප්‍රමාණය වී තිබෙනවා. පෙර සතියට සාපේක්ෂව ගත වූ සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පැවති බවයි ශ්‍රී ලංකා…

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසනවා. අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වුණා. රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර…

වී මිල පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද (20) පොළොන්නරුවේ පවතී ජන හමුවකට එක් වෙමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වී…