Month: April 2025

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙක් මියගොස් තිබෙනවා. ඒ කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේදීයි. බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා…

ගාසා තීරයේ රාමසාන් උත්සවය ලෙයින් තෙත් වෙයි

ගාසා තීරයේ පලස්තීනුවන් රාමසාන් උපවාසය අවසන් කරමින් ඊදුල් ෆිතර් උත්සවය සමරද්දී ඊශ්‍රායල හමුදාවෙන් ගුවන් ප්‍රහාරමාලාවක් එල්ල වී තිබෙනවා. අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් සහ…

මැලේසියාවේ ගින්නක්

මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගොර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හී දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස්‌ නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන තිබෙන බවයි.…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා. ඒ වල්පොළ ප්‍රදේශයේදීයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකව අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. නඩු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කෙරෙයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මධ්‍යම, සබරගමුව, බටහිර,…