Month: April 2025

ගත වූ සති 04 තුළ සංචාරකයින් ගණන ලක්ෂය ඉක්මවයි

මෙම මාසයේ ගත වූ සති 04ක කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 150,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වන විට සංචාරකයන් 144,320ක් මෙරටට පැමිණ ඇති බවයි.…

ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරඟාවලියේ 400×4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා…

රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉහළට

රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා. එමෙන්ම ඔහු කියා සිටියේ ජනවාරි සිට මේ…

අද ජාතික ශෝක දිනයක්

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක්…

යුරෝපා සංගමයේ දූත පිරිසක් 28වනදා ලංකාවට

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ සහනයට අදාල කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය සඳහායී. එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි…

05 වැනි ණය වාරිකය මුදා හැරීමට IMF කාර්ය මණ්ඩල එකඟතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙම…

සිරි දළදා වන්දනාව හෙටින් අවසන්

සිරි දළදා වන්දනාව 9වන දිනයටත් අද පෙරවරු 11 සිට සවස 5.30 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළේ සැලසුම් කළ පරිදි සිරි දළදා වන්දනාව…

අකුණු සැර වැදී පුද්ගලයෙක් මියයයි

කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙක් අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ අරලගංවිල පොලිස් වසමේ කැකුලුවෙල ප්‍රදේශයේ කුඹුරක ඊයේ (25) සවස් කාලයේ රැඳී සිටියදීයි. අකුණු සැර වැදුණු…

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදීයි.…

අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් කාලගුණයට බලපෑම්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ…