Month: September 2025

බස් අනතුරෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමට ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටර්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවු‌‌රේ ස්ථානගත…

ඇල්ලේ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

පුද්ගලයින් 15දෙනෙක්ට දිවි අහිමි කළ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට දෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින්…

ට්‍රම්ප් පෙන්ටගනයේ නම වෙනස් කරයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්ටගනයේ නම යුධ දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුර යුධ ලේකම්වරයා ලෙස හැඳින්වීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (05) රාත්‍රියේ බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයේදීයි. තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් චාරිකාවක් යමින් සිටි බස් රථයක්…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

ලෝක ප්‍රකට විලාසිතා නිර්මාණකරුවෙක් දිවි ගමනට සමුදෙයි

ලෝක ප්‍රකට ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙක් වන ජෝර්ජියෝ අර්මානි මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කොළඹ 01 සිට කොළඹ…

රුසියානු ජාතික තරුණියක් අත්අඩංගුවට

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු සිදුකළ රුසියානු ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උණවටුන සංචාරක පොලිස් ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස…

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ සැප්තැම්බර් 18වනදා දක්වායි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක්…