චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22දෙනෙක් මිය ගොස් 3දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බවයි.

ගින්න හටගත් අවන්හලේ ගෙන ඇති ඡායාරූපවලින් දෙමහල් හෝ තුන්මහල් ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් වලින් විශාල ගිනිදැල් විහිදෙන ආකාරය පෙන්නුම් කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ කාර්ය මණ්ඩලය බොහෝ විට ආරක්ෂක ක්‍රියාවලින් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *