ත්‍රිවිද හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබලුන් 2325දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට ඊයේ දිනය දක්වා සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර යුද හමුදාවේ 2017ක්, නාවික හමුදාවේ 145ක් සහ ගුවන් හමුදාවේ 163දෙනෙක් ඒ අතර වනවා.

මීට අමතරව පොලීසිය මඟින්ද තවත් ත්‍රිවිද හමුදා සාමාජිකයන් 281දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *