මහියංගණය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මහියංගණය පොලීසිය සඳහන් කළේ අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *