ඉන්දියාවේ අහමදාබාද්හිදී ගුවන් යානයක් කඩාවැටී ඊයේ (12) සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබෙන බවයි.

අනතුර සිදුවන විට ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 242ක පිරිසක් සිටි අතර ඉන් එක් මගියෙක් හැර සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ගුවන් යානය අහමදාබාද් තොටුපොළෙන් පිටත පිහිටි වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීම හේතුවෙන් සෙසු මරණ සංඛ්‍යාව සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *