2024 වසරේදී ළමුන් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
පසුගිය වසරේ ජනවාරි මස 1වනදා සිට දෙසැම්බර් මස 31වනදා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීම් සම්බන්ධ පැමිණිලි 580ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්.
එම සංඛ්‍යාව 2,746ක් බවයි වාර්තා වන්නේ.