වර්ෂාවත් සමඟ මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවයි.
එමෙන්ම මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක් ද වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(rednewsalert.lk)