කල්පිටිය ඉච්චන්කාඩුව වෙරළ තීරයේ ලඳු කැලෑවක තිබී රුපියල් කෝටි හතරකට ආසන්න විදේශීය සිගරැට් තොගයක් සහ බීඩි කොළ තොගයක් පසුගියදා අත්අඩංගුවට ගත් බව කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසනවා.
එම අංශය සඳහන් කළේ මෙම ප්රදේශයෙන් මෑත ඉතිහාසයේ වැටලීමකදී අත්අඩංගුවටගත් විශාලම ප්‍රමාණය මෙය බවයි.
මෙම සිගරැට් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පිටිය නමින් ප්‍රසිද්ධ ගුවන් පුහුණු කඳවුර ආසන්නයේ ඉච්චන්කාඩුව වෙරළ තීරයේ කැලෑබද පෙදෙසක සඟවා තිබූ බවද පොලීසිය සඳහන් කළා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම විදේශීය සිගරැට් තොගය උර විස්සක අසුරා තිබූ බවත් එක් උරයක සිගරැට් 20000ක් අසුරා තිබූ බවත් එය වෙෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 4 ඉක්ම වන බවයි.