දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඊයේ (12) හට ගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න ඇති වූ අවස්ථාවේ පුද්ගලයින් 200කට ආසන්න ප්‍රමාණයක් එම ගොඩනැගිල්ලේ සිටී බවයි.

මිය ගිය පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයින් වැඩි පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *