ඇමරිකාවේ මධ්‍යම හා නැඟෙනහිර කලාපයේ පැතිරී යන දරුණු හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර ඇත්තේ නෙබ්‍රස්කා සහ මිසිසිපි ප්‍රාන්තවල තිදෙනෙක් බැගින් මිය ගොස් ඇති අතර,පැසිෆික් සාගරයේ සිට දරුණු කුණාටුවක් කඩා වැදීමේ අවදානමක් මතු වී ඇති බවයි.
පවතින හිමකුණාටු තත්ත්වය සැලකිල්ලට ගෙන කැන්සාස් නුවර සිට වොෂින්ටන් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 1,500කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.