මේ වන විට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ පවසනවා.

ඒ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 43,000ක් බවයි වාර්තා වන්නේ.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය පසුගියදා පියවර ගත්තා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ආනයනය කරන සහල් කඩිනමින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් සහ ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *