තිරප්පනේ ප්‍රදේශයේ නිතර ගැවසෙන අග්බෝ නම් ඇතාගේ ඇසට කැටපෝලයකින් විදින ලද පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තිරප්පනේ පොලිසිය විසින්.

සැකකරු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඇතුංගම අක්කර පනහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වන අලි සුරැකීමේ සංවිධානයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදීයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම ඇතා මීට පෙර වෙඩි වැදීමෙන් ලැබූ තුවාල වලට ප්‍රතිකාර ලබා දී ඇති අතර, සුවය ලැබීමට ශල්‍යකර්ම 100කට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *