ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.25%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.25%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.
(rednews)