මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන බසවක්කුලම වැවේ වැව් බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වහාම නවත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ මූලිකත්වයෙන් රට පුරා 1500kmක මාර්ග කාපට් කිරීමේ ව්‍යපෘතිය යටතේ වැව් බැම්ම කාපට් කිරීම අරඹා ඇති බව සඳහන්.

වැව් බැම්ම පළුදු කර කොටසක කාපට් දැමීමට කටයුතු කරමින් තිබියදී එහි වැඩ නවතා දැමීමට නියෝග කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *