ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායලය රජය පියවර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය පවතින අතරතුර මෙම මෙහෙයුම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා.

එරට පොලීසිය විසින් කටාර් විකාශන කාර්යාලය වටලා තිබෙන අතර නාලිකාව ප්‍රකාශ කළේ සෑම නීතිමය පියවරක්ම අනුගමනය කිරීමේ අයිතිය තමන් සතු බවයි.

කෙසේවෙතත් මෙම ක්‍රියාව මානව හිමිකම් සහ පුවත්පත් කණ්ඩායම් ගණනාවක විවේචනයට ලක්ව තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *