බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා . ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට මි.මි 75ට වැඩි තරමක තද වැසි පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් අද(08) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් වැසි අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්.

තවද නැගෙනහිර, ඌව, උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී.50ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි තවදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *