ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජූලි 26 වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 163ක් ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ඉන් පැමිණිලි 119ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි.

එමෙන්ම අපරාධ සම්බන්ධ පැමිණිලි 54ක් ද ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *