ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අදින් (12) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම කොමිසම සඳහන් කළේ අද මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර ගැනීම සිදු කරන බවයි.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාලව ඇප තැම්පත් කිරීමේ කාලය ඊයේ (11) අවසන් වුණා.

එහිදී පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ඇප තැම්පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *