ඉදිරි වසර දහය තුළ ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට ශ්රී ලංකාව පත්කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු දඹුල්ලේ පැවති ජන රැලියකට එක් වෙමින් මේ බව ප්රකාශ කළා.
තම රට වැඩබිමක් බවට පරිවර්තනය කරන බවද වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.