ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අදිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ඒ අනුව අද (07) අලුයම ඩුබායිහි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකික ගුවන් යානයකින් ඔහු මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ආ මන්නා රමේෂ් ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් පැය 4කට අසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව බස්නාහිර, දකුණ, අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.
(rednews)