අධ්‍යාපන ආයතන සඳහා කැනඩා රජය විසින් විදෙස් සිසුන් බඳවා ගැනීම අවම කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව 2025 වන විට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම් අවම කරන බවත් 2023 වසරට සාපේක්ෂව එය 36%ක කප්පාදුවක් වන බවත් සඳහන් වනවා.

මෙයට හේතු වී ඇත්තේ විදේශීය සිසුන් සහ ශ්‍රමිකයින් ඇතුළු රට තුළ තාවකාලිකව රැඳී සිටින පිරිස අවම කිරීමයි.

කැනඩා රජය විසින් මේ යටතේ රැකියා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධ නීති දැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *