මේ දක්වා නිහඬ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 50ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම පැමිණිළි 50න් පැමිණිලි 30ක්ම වාර්තා වී ඇත්තේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු වලින් බව වාර්තා වනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ජනාධිපතිවරණයේ මේ දක්වා කාලය සාමකාමීව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

ඊයේ (19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *