ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7.00ට ආරම්භ වුණා.
එම ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසාන වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය ලෙස මෙය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙක් තරග කරනවා.