මේ වසර සහ ලබන වසර සඳහා මහ කන්නයේ වී ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු.15,000 සිට රු .25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔක්තෝම්බර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම උපදෙස් ලබා දී ඇති බවයි.