ලෝක අමාද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එදින සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන 1913 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි.

එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඉහත සඳහන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *