ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සියලුම ගුවන් ගමන් ලබන 7 වනදා දක්වා අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඒ ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම හේතුවෙන්.

7 වනදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයන් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මේ අතර එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා තවදුරටත් ආරක්ෂිත බවත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇති බව තානාපතිවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *