පසුගිය මාස කිහිපයේ මෙරට පැවති වීසා ගැටලුවට අදාළ විගණන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

විගණකාධිපති W. P. C. වික්‍රමරත්න සඳහන් කළේ නව පාර්ලිමේන්තුව රැස්වන විට අදාළ විගණන වාර්තාව අවසන් කිරීමට සැලසුම් කළ බවයි.

ඊට අමතරව ඊ – පාස්පෝට් නිකුත් කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි විගණන වාර්තාව ද ඒ සමඟ අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහු කියා සිටියේ වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට පැවරීමෙන් පසුව සිදුවී ඇති වියදම් පිළිබඳව තොරතුරු අදාළ විගණන වාර්තාවල සටහන් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *