මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) පවත්වා තිබෙනවා.

එහිදී හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

බදු අය කරගැනීම, ඉදිරි නිෂ්පාදන කටයුතු ඇතුළු නව වැඩසටහන් පිළිබදව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තුමේන්තුව පවසන්නේ 2023-2024 වර්ෂ සදහා මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අය විය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8 කට ආසන්න බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *