පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර භාවිතා කිරීම තහනම් වන බැවින්.

එම මුද්දර අවලංගු මුද්දර ලෙසද සලකන ලෙස තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *