2024 පැවති ජනාධිපතිවරණයේදී ඒ සඳහා ඉදරිපත් වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙක් මැතිවරණ වියදම් වාර්තා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වන විටත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් වන්නේ ජනසෙත පෙරමුණේ පුජ්‍ය බත්තරමුල්ලේ සීලරත හිමි, සරත් කීර්තිරත්න සහ අරිය නේත්‍රන් පාක්කියසෙල්වම් යන අයයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එම වාර්තා ජනාධිපතිවරණය පවත්වා දින 21 ඇතුළත ලබාදිය යුතු අතර එම දිනය ඉකුත් 12 වනදායින් අවසන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *