එළඹෙන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
පසුගිය 11 වනදා රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද එහිදී ඔහු කියා සිටියා.