දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරී කිරීම සදහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට දැන් කාලය එළඹ ඇති බවයි.

කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පොලීසිය පිළිබඳව තිබෙන ආකල්ප වෙනස් කළ යුතු බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී දේශපාලන බලපෑම්වලින් තොරව තම රාජකාරිය, වගකීම්, නිවැරදිව ඉටුකිරීම සදහා කැපවිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *