වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර වත්තේගම අධ්‍යාපනය කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කිරීමට මධ්‍යම පළාත් අණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව පළාත් අධ්‍යාපනය දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මගින් මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර තිබෙන බවයි සදහන් වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ලට පසුගිය කාල වකවානුවේ විවිධ චෝදනා එල්ලවීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව රැසක් යෝජනා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *