මේ වන විට ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙක්ගෙන් එම සහතිකය ලබා ගත යුතු බවයි.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපොළහිමියන් සමඟ අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත්වලින් රෝගය වැළදුණු ඌරන් හඳුනාගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *