හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලි දිනය අදට (31) යෙදී තිබෙනවා.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයයි.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලි උත්සවයේ අරමුණ වනවා.

අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා කියා ප්‍රර්ථනා කරමින් හින්දු බැතිමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *