ශ්‍රී ලංකාවේ නව රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම යළි තහවුරු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රකාශ කළා.

ඒ අද (01) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකඡාවේදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ නව රජය දිවුරුම්දීමෙන් පසු IMF නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.

අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වොෂින්ටන් වෙත පැමිණ සිටි බවත් 03 වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඔහු තහවුරු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *