විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණෙන් තවමත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

රජයේ නිවාඩු දිනයක් වුවත් ඊයේ (31) සිටම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයන් රැඳී සිටින්නේ අවම සනීපාරක්ෂක පහසුකම්වත් නොමැතිව බවයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කරන ලෙස රජය දැනුම්දී තිබෙනවා.

නමුත් විදෙස්ගමන් බලපත්‍ර අයදුම්කරුවන් ප්‍රකාශ කළේ දිනකට නිකුත් කරන විදෙස්ගමන් බලපත්‍ර ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *