ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලිය 2024 ජුනි 1 වනදා සිට 29 දක්වා ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත් වෙනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට එක්වන ක්‍රීඩකයින්ගේ නම් පහතින්,

  1. වනිඳු හසරංග – නායක
  2. චරිත් අසලංක – උප නායක
  3. කුසල් මෙන්ඩිස්
  4. පැතුම් නිශ්ශංක
  5. කමිඳු මෙන්ඩිස්
  6. සධීර සමරවික්‍රම
  7. ඇන්ජලෝ මැතිවුස්
  8. දසුන් ශානක
  9. ධනංජය ද සිල්වා
  10. මහේෂ් තීක්ෂණ
  11. දුනිත් වෙල්ලාලගේ
  12. දුෂ්මන්ත චමීර
  13. නුවන් තුෂාර
  14. මතීෂ පතිරණ
  15. ඩිල්ෂාන් මධුශංක

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *