මහ මැතිවරණයේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් මේ වන විටත් අනුයුක්ත කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් යොදවා ඇති බවයි.
අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බාලක නිලධාරීන් 3,200ක් සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 12,227ක් සහ අවශ්‍යතාවයක් වුවහොත් කැඳවීම සඳහා යුධ හමුදාවේ 10,000ක් පමණ සූදානමින් සිටින බවයි.