එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් ගමන් ගත් අදාළ ලොරි රථ පෙළ මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් කොල්ලකා ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මානුෂීය ආධාර මත යැපෙන මිලියන 2කට අධික ජනතාවගේ ජීවිත තවදුරටත් අනතුරට පත්ව ඇති බව සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *