පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වී තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ලියාපදිංචි වීමට ලබා දුන් කාලසීමාව තුළ සිසුන් 40,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි
ඒ අනුව වෛද්‍ය පීඨ සියල්ලට සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කර තිබෙනවා.
මෙවර විශ්වවිද්‍යාල සඳහා අයදුම් කර ඇති සිසුන් සංඛ්‍යාව 43,000කට අධිකයි.
ඔවුන් අතරින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන් සඳහා වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.