තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළද තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඊයේ (19) සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *