කෙටි කාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි.
ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කරණ බවත් ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.