ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ හේතුවෙන් නිවාස 84ක් පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුවී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේ බටහිර සුමාත්‍රා ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *