ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.54ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.55ක් ලෙසයි.

ඊයේ (20) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.55ක් සහ විකුණුම් මිල රුපියල් 295.59ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *