මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (28) උදෑසන 10.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.